මෙම වෙබ් අඩවිය මගින් පසුගියදා පාස්පෝට් කන්තෝරුව සහ ඒ අවට සිදුවන වංචා , දූෂණ , අක්‍රමිකතා පිළිබදව ගවේෂණාත්මක වාර්තාවක් පළ කරන ලදී.
ඒ අනුව එම පුවත පළ කිරීමෙන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා සිදු කරමින් සිටි කාක්කෝ 15 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දෛනිකව විශාල පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණේ.නමුත් දෛනිකව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ සීමිත පිරිසකට පමණි.
මේ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි රැදී සිටින තැරැව්කරුවන් රුපියල් 25,000 බැගින් මුදල් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම ඉතා සංවිධානාත්මක අයුරින් සිදු කරන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබෙන අතර පසුගිය දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ වෙස්වලාගෙන මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලදී.
එහිදී මෙම සංවිධානාත්මක ජාවාරම සිදු කරගෙන තැරැව්කරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.මෙම තැරැව්කරුවන් සමග එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු එකට එකතු වී කරගෙන යන ජාවාරමක් බව වැඩි දුර විමර්ශන කටයුතුවලින් හෙළි වී තිබේ.
මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයන් සහ ඊට සම්බන්ධ නිලධාරීන් සොයා සිදු කරගෙන යන විමර්ශන කටයුතු ඉදිරියේදීත් අඛණ්ඩව සිදු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබේ.
අප මේ සම්බන්ධයෙන් මීට පෙර පළ කළ ගවේෂණාත්මක පුවත් පහතින්.