මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වන්නේම සමාජ අසාධාරණයට ලක්ව සිටින පාර්ශ්වයන් වෙනුවෙන් නිසි ආකාරයෙන්ම පෙනී සිටීම පමණි. එහිදී චෝදනා ලත් පාර්ශ්වයට පිළිතුරු දී තම නිවැරදිතාවය වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශය පළ කර එයටද අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා දීමට අප කටයුතු කරනු ලබයි.
එසේ තිබියදී අප පළකරනු ලබන පුවත් නිසා ඒවාට පිළිතුරු ලබා දීමට නොහැකි, රට වැනසීමට සහ එයට උඩගෙඩි දී නීතිය අතට ගෙන කටයුතු කරන බොහෝ පුද්ගලයන්ගේ තර්ජන වලට මුහුණ දීමට අපට සිදුව තිබේ. ඉන් කියවෙන්නේ ම මෙරට මිනිසුන්ගෙන් බහුතරයක් ජීවත්වන්නේ නීතියට අනුව නොවන බවයි. නමුත් එම තර්ජන වලට බිය නම් මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල ආයතනයක් ලෙස අප පවත්වාගෙන නොයනු ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සංවර්ධන බැංතු විසින් ණය ඇපකරුවන්ද ණය ලබාගගත් සේ සලකා විත්තිකරුවන් බවට පත්කර නඩු පැවරීම පිළිබදව වන පුවතට 0762662509 දරණ අංකයෙන් බලපෑම් සහිත තර්ජනාත්මක ඇමතුමක් ලැබිණි. අද උදෑසන 7.50 ට පමණ මෙම ඇමතුම ලැබී තිබේ.
අපට කථාකරනු ලබන පුද්ගලයා කව්රු වුවත්, ඔහුගේ හැසිරීමට අනුව සහ කථාකරන ආකාරයට අනුව බොහෝ සෙයින් රිදී තිබෙන බව පෙනේ. එසේම ඔහු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හෝ වෙනත් බැංකුවක සේවකයෙක් නම් ඉන් පෙනෙන්නේම බැංකු විසින් කටයුතු කරන්නේ ම නීති විරෝදීව බවයි. සමහර බැංකු නිලධාරීන්ගේ දුෂිත පිළිවෙත මින් පෙන්නුම් කරයි.
බැංකුවලින් ණය ලබාගැනීමේදී එයට අදාල වන්නේ ගිවිසුම් නීතියයි. එසේම යම් පුද්ගලයෙක් ලබා ගන්නා ණය මුදල ගෙවීම පැහැර හැරියහොත්, එයට ඇපකරුවන් වග කිව යුතු බවට කොන්දේසියක් ගිවිසුම තුල ඇතුලත්ව තිබේ නම් ඉන් කියවෙන්නේ එම ගිවිසුම් සකසා ඇත්තේ නීතිය නොදන්නා පුද්ගලයන් බවයි. අප පෙන්වා දී ඇත්තේද එයමය.
ඇපකරුවන් ලෙස අත්සන් කරනා පුද්ගලයන් නීතිය නොදන්නා වුවත් බැංකු කටයුතු කරනා බැංකු නිලධාරීන් නීතිය නොදන්නා ලෙස කටයුතු කිරීම නිසා මෙවැනි තත්වයන් උද්ගත වේ. ණය සම්බන්ධව කටයුතු කරනා බැංකු නිලධාරීන්ගේගේ වුවමනාවට නීතියට පරිබාහිරව සකසා තිබෙන ගිවිසුම්වල සැබෑ නීතිමය පසුබිම අණාවරණය වීමට නම් ඇපකරුවන් බැංකු සමග නඩු කිව යුතුය. එවිට බැංකු විසින් සිදුකර තිබෙන වැරදි මොනවාද යන්න පැහැදිලිවම අණාවරණය වනු ඇත.
කෙසේ වෙතත් මෙම දුරකතන ඇමතුම සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට ආයතන කළමණකාරීත්වය කටයුතු කරමින් සිටී.
සිද්ධියට අදාල පුවත පහතින්