රැකියා විරහිත උපාධිධාරීන්ට ගුරු උපාධිය ලබා දෙන ලෙස ඉල්ලීමක්.

අද (23) දින අද්‍යාපන ඇමති සමග සාකච්චාවක් අවශ්‍ය බව පවසමින්  රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද්‍යාපන අමාත්‍යංශයට පැමිණි බව වාර්තා වේ.

එසේ පැමිණ ඇත්තේ ගුරු උපාධිය 2020 වසරෙන් පසු උපාධිය ගත් රැකියා විරහිත උපාධිධාරීන් හට ලබා දෙන ලෙස ඉල්ලීමට බව සදහන් වේ.

 එහිදී අමාත්‍යංශයේ ලේකම් වරයකු සමග පැමිණි පිරිස සාකච්චා කොට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග සාකච්චාවක් දෙසතියක් ඇතුලත ලබාදෙන පොරොන්දුව මත පැමිණි පිරිස සමග එකගතාවයකට පැමිණි  බව වාර්තාවේ,

පැමිණි කණ්ඩායමේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පුජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි සදහන් කලේ පොරොන්දු වූ පරිදි සාකච්චාවක් නොලැබුණහොත් දෙසතියක් තුල ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි.

Exit mobile version