රැජිනගේ අවසන් ගමන.

ශ්‍රී ලංකාවේ පැරණිතම ජන කොඨිඨාශයේ නායක වන වන්නියලා  ඇත්තන්ගේ බිරිඳ වන හීන්මැණිකාගේ අවසන් කටයුතු අද හවස මහියංගනය ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී සිදු කරන ලදී.

පේරාදෙණිය ශීක්ෂණ රෝහලෙන් ආදී වාශි නායක වන්නියලා ඇත්තන් බාර ගැනීමෙන් පසු පොලිස් ආරක්ෂාව මද්‍යයේ අද දහවල් 11.30 ට පමණ දේහය මහියංගනය බලා රැගෙන ගිය අතර එය ගෞරවනීය ලෙස සිදු කෙරිනි.

ආදී වාසීන් බොහෝ දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන නමුත් ආදී වාසීන්ගෙන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සාම්ප්‍රදායික සිරිත් වලට අනුව අවසන් කටයුතු සිදු විය.

කොවිඩ් අසාධිතව මිය යන විට ඇයගේ වයස අවුරුදු 64 ක් වු අතර දරුවන් 9 දෙනෙකුගේ මාතාවක් විය.

Exit mobile version