ලෝකයා හමුවේ විකුනා තිබේ. ඔවුන්ගේ බලපුලුවන්කාරකම් නීතියට පයින් ගසා තිබේ. ශ්‍රී ලංකා පොලිසිය සහ ඇමති මේ වන විටත් කටයුතු කරන්නේ රටේ ජනතාවගෙන් පලි ගැනීමේ ක්‍රියාවකි. ඒ අරගලය නිසා ඔවුන්ට අවශ්‍ය දේවල් කරගැනීමට ඉඩ නොදී පීඩාවට එරෙහිව ජනතාව නැගී සිටීමයි. ඔවුන්ගේ නොහොත් පොලිස් ඇමති නියෝජනය කල එවකට රජයද මාර්තු 31 එල්ල කලේ ම්ලේජ්ඡ ප්රහාරයකි. මැයි 9 වැනිදාද එසේමය.
විශ්‍රාමික මේජර් ඡනරාල් බොනිපස් පෙරේරා මැයි 9 ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කලේය. එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුවන් අනුබල දුන් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් පවා නිදැල්ලේය. නමුත් පැවති සාධාරන අරගලකරුවන් දැන් ත්‍රස්ථවාදීන් කර තිබෙන අතර ජාත්‍යන්තරය මේ වන ලංකාවට රතු එලි නිකුත් කර තිබේ. නමුත් මේ පාලකයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය විරෝදී ක්‍රියා බලපා තිබෙන්නෙ සමස්ත රටකටය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් මහත්මිය සදහන් කළේ,අන්තරේ කැදවුමිකරු වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
ඇය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔවුන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙසට ඉල්ලා සිටියේය.
එසේ කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් මහත්මිය තවදුරටත් සදහන් කර ඇත.