රැඳවියන් 417 දෙනෙකුට නිදහස.

රැඳවියන් 417 දෙනෙකුට සිරකරු දිනය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ බනිදහස ලබාදී ඇත.

සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිති කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිදහස ලබා දි ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකටය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙසේ නිදහස ලද රැඳවියන් අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බවයි.

Exit mobile version