රෑ 8න් පසු මාර්ග වල මෝටර් රථ ගමන් කිරීම තහනම්.

එළඹෙන නොවැම්බර් 13 සිට 20 දක්වා ඔත්තේ-ඉරට්ටේ ක්‍රමවේදය යටතේ වාහන ගමනාගමනය සීමා කරන බව දිල්ලි පරිසර අමාත්‍ය ගෝපාල් රායි පවසා තිබේ.

වාර්තා වන ආකාරයට ඔත්තේ දිනවලදී, 1, 3, 5, 7 සහ 9 න් අවසන් වන ලියාපදිංචි අංක සහිත වාහන ධාවනය කිරීමට අවසර දෙන අතර අනෙක් දිනයන්හි 0, 2, 4, 6, 8 න් අවසන් වන ලියාපදිංචි අංක සහිත වාහන ධාවනයට අවසර හිමි වන බවත් එමෙන්ම මෝටර් රථ මාර්ග වල ගමන් ගැනීමට අවසර හිමිවන්නේ, පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා පමණි.

මෙම ක්‍රමවේදය දීපවාලි උත්සවයෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බවත් දීවාලි උත්සවයෙන් පසු පරිසර දූෂණය වඩාත් නරක අතට හැරෙන බව උපකල්පනය කර ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version