රිජ්වේ රෝහලෙන් විශේෂ පණිවිඩයක්.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්්‍ය චන්න ජයසුමන මහතා රිජ්වේ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පවසා සිටියේ වැඩිහිටියන්ට මෙන් කොවිඩ් ආසාදනය වූ දරුවන්ට ප්‍රතිකාර කිරීමේ දී ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මේ වන විට රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 152 ක් ප්‍රතිකාර ලබන බවත් ය.

එම රෝහලේ මීට පෙර පැවති තත්ත්වය මත එක් වාට්ටුවක් පමණක් කොවිඩ් වෙනුවෙන් වෙන් කර තිබුණ ද, ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම සමග ළමුන් රෝගීවීමේ ප්‍රවනතාව ඉහළ නිසා මේ වන විට වාට්ටු 4ක් ඒ සඳහා වෙන්කර ඇති බව ද ඔහු සඳහා කර සිටියේ ය.

මෙම තත්ත්වය හමුවේ මේ වන විටත් කොවිඩ් ආසාදිත අවු.2-14 අතර රෝගී දරුවන් නිවෙස් වෙත තබා ප්‍රතිකාර කිරීීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.කුඩා දරුවන් නිවෙස් තුළ දී සිදුකරගන්නා අස්ථි බිඳීයාම්,කැපීම් හා වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගතහැකි නම් ඒ සඳහා වැය කරන කාලය මෙන් ම සම්පත් ද COVID රෝගය වැළඳී දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්යය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව ද, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

Exit mobile version