අද (26) අළුයම කාලයේ ත්‍රිකුණාමල වරාය පාරේ කනත්ත හන්දිය ප්‍රදේශයේදී රිය අනතුරකින් 9 හැවිරිදි කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් හා යතුරුපැදික් එකිනෙක ගැටී වන අතර මිය ගිය දැරිය යතුරුපැදියේ ගමන් කර තිබේ. අනතුරින් යතුරු පැදිය පදවාගෙන ආ කාන්තාව හා තවත් දැරියක් තුවාල ලබා ඇතිබව පොලීසිය සඳහන් කර තිබේ.
වෑන් රථයේ රියදුරාගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල වෙත ගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවි ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි වෑන්රථ රියදුරාගේ මවද රෝහල් ගත කරද්දී මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.
මෙම අනතුරෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ඩොක්යාර්ඩ් පාරේ පදිංචි වයස අවුරුදු 9ක් වන ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේ 05 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එඩ්වික් ෂෙරලින් ටේසි නැමැති දැරියකි.
යතුරුපැදියේ පැමිණි කාන්තාව තම බාල සහෝදරියගේ හා බාල සහෝදරයාගේ දියණියන් දෙදෙනා උපකාරක පංති සදහා රැගෙන ගොස් පන්ති අවසන් කර නැවත නිවස වෙත රැගෙන එමින් සිටියදී මෙම අනතුරට ලක්වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලීසිය මගින් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.