මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වන වසන්ත ආරියරත්න ප්‍රකාශ කළේ 2010 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට කාන්තාවන් 23 , 488 දෙනෙකු සදහා රියදුරු බල පත්‍ර නිකුත් කර තිබෙන අතර 2020 දෙසැම්බර් දක්වා කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් ඇති බවයි.
එමෙන්ම මෙම කාල සීමාව තුළ කාන්තාවන් 943,749 දෙනෙක් රියදුරු බලපත්‍ර ලබා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
තවද ශ්‍රී ලංකාවේ සමස්ථ රියදුරු බලපත්‍රලාභීන් 12,700,000 න් 1,122,418 කාන්තා රියදුරු බලපත්‍රලාභීන් වන අතර මෙම පිරිස අතරිනුත් කාන්තාවන් 2082 ක් බර වාහන බලපත්‍ර ලබා ගෙන ඇති බව කොමසාරිස්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.