රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් බන්දුලගෙන් නව ගැසට්ටුක්.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ මේ වන තෙක් තිබූ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වන අතර එතුළින් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සාමාන්‍ය සේවය සහ එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු නව ගාස්තු සංශෝධනයට ලක්කර ඇත.

ඒ අනුව මෙම නව සංශෝධනයට අනුව නව රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ දී ගාස්තුව සාමාන්‍ය සේවා යටතේ එක් පන්තියක් සඳහා රු.2500ක් අය කරන අතර එක්දින සේවා යටතේ එය රු.3500ක් වශයෙන් ද දක්වා ඇත.

එසේම , මෙම ගැසට් නිවේදනය තුළින් රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ ගාස්තු ,ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු, රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තු ද සංශෝධනය  කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Exit mobile version