රියදුරු හිඟය හෙතුවෙනුයි  උදයදේවී නැවතුනේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී දුම්රියේ ධාවන කටයුතු ඇතිව තිබෙන රියදුරු හිඟය හේතුවෙන් පසුගිය සිකුරාදා සිට නැවතුන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව සදහන් වේ.

මෙසේ රියදුරු හිගය ඇතිව ඇත්තේ රියදුරන් විශ්‍රාම යාමත් සමග බවයි එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

 මෙම රියදුරු හිගය හේතුවෙන් ඇතැම් දින වල රාත්‍රී තැපැල් දුම්රිය පවා අවලංගු කිරීමට සිදුවන  බවයි  වාර්තා වන්නේ.

මෙම ගැටලුව හේතුවෙන්  දැනට සිටින දුම්රිය රියදුරන් දුරගමන් සේවා සඳහා යොමුවීමට මැලිකමක් දක්වන බැවින්  දුරගමන් සේවා ධාවන කටයුතු සිදුකිරිම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව සදහන් වේ.

මෙම හේතුවෙන් හා සේවක අඩුව හේතුවෙන්  දිනකට  දුම්රිය ගමන්වාර 20කට වැඩි ප්‍රමාණයක්  අවලංගු වීමද සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version