ඊයේ උදෑසන මහනුවර යාපනය මාර්ගයේ චාවකච්චේරිය නගරය අසලදී මහනුවර දෙස සිට යාපනය දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනය වූ පාපැදියක ගැටීමෙන් සිදු දූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නූනාවිල් මධ්‍යම , චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි 73 හැදිරිදි පුද්ගලයෙකි.
මෘත දේහය චාවකච්චේරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බව සදහන්.