රිය අනතුරකින් තිදෙනෙක් මිය යයි.

අද (01) සිදු වූ බස් – ත්‍රී රෝද ගැටුමකින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, කොටලිය පාලම අසලදී මෙම අනතුර සිදු වී තිබේ.

පුද්ගලික බස් රථයක් සහ ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණලා සිදුව තිබෙන මෙම අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ ත්‍රී රෝද රථයෙන් ගමන් ගත් තිදෙනෙකුය.

අරලගන්විල අරුණපුර අංක 48 ලිපිනයේ පදිංචි යු ඩබ්ලිව් ජි රන්බණ්ඩා (67) ඔහුගේ බිරිඳ වන පී කේ නන්දාවතී (62) සහ ටී ජි විමලා රන්දෙනිය (72) යන පුද්ගලයන් බව මනම්පිටිය පොලීසිය පැවසීය.

තවත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස්රථයේ මුහුණට මුහුණ ගැටී තිබෙන බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන අතර එම බස් රථය පොළොන්නරුවේ සිට මඩකලපුව ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන ගොස් ඇති අතර බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version