ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන ලාස්‍යා නන්දිතා රිය අනතුරකන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අද (23) හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකන් 37 හැවිරිදි ලාස්‍යා නන්දිතා මෙසේ මියගොස් ඇති බව සදහන්.
ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.
ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
ඇයගේ රියැදුරා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇත් අතර ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මීට දින 10කට පෙර එනම් පසුගිය පෙබරවාරි 13 වනදා නාකට්පල්ලි ප්‍රදේශයේදී ඇයට සිදුවූ තවත් අනතුරකින් දිවි බේරාගෙන ඇති අතර එහිදී ඇය සුළු තුවාල ලබා ඇති අතර එම අනතුරේදී ඇයගේ ආරක්ෂකයෙකු මියගොස් තිබුණි.
ඇයගේ පියා ද දේශපාලනඥයෙක් වන අතර ඔහු ද පසුගිය වසරේ මියගොස් ඇති බව සදහන් කරයි.