පියෙකු පුතකු රිය අනතුරකින් මිය යාමේ සිද්ධියක් වෑකඳවල ප්රදේශයෙන් වාර්තාවේ.
යතුරු පැදි කරුට යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබු ගසක වැදී අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
අනතුරින් ඉතා බරපතළ තත්වයේ පසුවූ දෙදෙනා කටුවන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසු වැඩිදුර ප්රතිකාර සදහා එක් අයෙකු ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇත. ප්රතිකාර ලබමින් සිටියදී දෙදෙනා මිය ගිය බව වාර්තාවේ.
මිය ගිය පියා 66 වන වියේ හා පුතා 28 හැවිරිදි වෑකඳවල ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර පුතා දික්වැල්ල පොලීසියට අනියුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයකු වේ.
පොලීසිය අනතුර සම්බන්දව වැඩිදුර විමර්ශන සිදු කරයි.