සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ විවිධ අනතුරුවලින් වසරකට මිලියනයක් රෝහල් ගත වන බවත් 12,000ක් ජිවිතක්ෂයට පත්වන බවත්ය.
වාර්තා වන ආකාරයට ඊයේ(20) ආබාධ වැළැක්වීම පිළිබඳව අන්තර්ජාතික සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
රථ වාහනවලින් සිදුවන අනතුරු දළ වශයෙන් 3000ක් පමණ වන බවත් සමස්ථ අනතුරුවලින් නිවාසවල සිදුවන අනතුරු 50%ක් වන බව සඳහන්වේ.
මෙම භයානක ප්‍රවණතාව වළක්වා ගන්න ක්‍රියාමර්ග ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.