රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් රුපියල් ලක්ෂ 50 බැගින් වන ශරීර ඇප දෙකක් සහ සෑම සති දෙකකට ම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමේ කොන්දේසීය මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්රාත් නියෝග කර ඇත.
එමෙන් ම ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බලපත්රයද අධිකරණ භාරයට ගන්නා ලෙස ද නියෝග ලැබී ඇත.
මොහු මාස 06කට අධීක කාලයක් පාස්කු බෝම්බ ප්රහාරය පිළිබඳ ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනී දැරිය ගිනිගෙන මියගිය සිද්දියට ද මොහුට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් අද කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතාගේ නියෝගය මත ඔහුව ඇප මත නිදහස් කර ඇත.