රිෂාඩ් ලබන මස 05වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගැනුනු අතර ඔහු ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අතර එහිදී තීරණය වී ඇත්තේ හිටපු අමාත්‍යවරයා තවදුරටත් ලබන මස 05වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවටයි.

මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් ගොනුකරමින් හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරු ඉල්ලා ඇත්තේ ඔහුව ඇප මත මුදාහරින ලෙසයි.

Exit mobile version