රුක් සෙවණේ ඉගෙනුම ලබන දරුවන්

අද (22) දිනයේ සියලුම පාසල් ආරම්භ වුව ද ගස් යට සිට ඉගෙනුම ලබන දරුවන් පිරිසක් පිළිබඳව අපට අසන්නට ලැබුණේ කන්තලේ ප්‍රදේශයෙණි.

එම පාසලේ 08, 09, 10,11, 13 යන ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙනු ලබන්නේ ගස් යටය.

මොවුන් මීට පෙරදී ඉගෙනුම ලබා ඇත්තේ පාසලේ ප්‍රධාන ශාලාවේ කොටස් වශයෙන් බෙදාගෙන වන අතර මේ වන විට ප්‍රධාන ශාලාව ද අබලන් වීම හේතුවෙන් මෙලෙස ඔවුන්ට එළිමහනේ ගස් යටට වී ඉගෙනුම ලැබීමට සිදු ව ඇත.

මේ වන විට භාගෙට අටවා ඇති ගොඩනැගිල්ලේ ළමුන් දුවපැන ඇවිදින අතර එය ද දැන් අවදානම් තත්ත්වයක් ව ඇත.

පිපෙන්නට වෙර දරන මල් කුකුළු රැසක් මෙලෙස ගස් කොලන් යට ඉගෙනුම ලබන අතර ඔවුන් වර්ෂා කාලයට කුමක් කරන්න ද?කෙසේ සිය අධ්‍යපන කටයුතු සිදු කරන්න ද?

මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ නෙත් යොමු වී කඩිනම් විසඳුම් මේ අහිංසක දරු පැටවුන්ට ලැවේවායි අප සිතමු.

Exit mobile version