කළුතර විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට පැමිණි නිම්න රන්මාල් ජයරත්න නමැති නවක සිසුවාගෙන් සෙසු සිසුන් පිරිසක් විසින් රුපියල් 20ක මුදලක් ඉල්ලා ඇත. එම මුදල නොදීම හේතුවෙන් නවක සිසුවාට පහර දී ඇති බව ඔහුගේ දෙමවුපියන් පවසයි.
පහර කෑමට ලක් වූ සිසුවාගේ ඇස් අවට ඉදිමී ඇති අතර නාසයෙන් රුධිරය වහනය වන බව කියයි. ඒ හේතුවෙන් සිසුවා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නමුත් නාසයෙන් රුධිරය වහනය වීම නොනැවතුණු නිසා දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමට දෙමවුපියන් කටයුතු කර ඇත.
ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ පරීක්ෂණයකින් පසුව සැත්කමකට ලක් කර ඇති අතර මේ වන විට හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමුපියන් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර මේ වන විට සිද්ධියට අදාළ සිසුන් තුන් දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.