රුපියල අවප්‍රමාණය වේ.

ඊයේ දිනට සාපේක්ෂව අද (13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 305.58 සිට 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 320.61 සිට රුපියල් 322 වී තිබේ.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත රු. 305.83 සිට 306.59 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රු. 319ක් වී ඇත.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 305 සිට රු. 307 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 320 සිට 322 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version