පසුගියදා රුසියන් ගුවන් යානයකට රටින් ඉවත් වීම වාරණය කිරීම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු බිඳ වැටීම දක්වා දුර දිග ගොස් තිබේ. මේ වන විට රුසියාවේ ශ්‍රී ලංකා තානධිපතිනිය ගෙන්වා සිය අප්‍රසාධය පල කිරීමටද රුසියාව කටයුතු කර තිබේ.
එසේම එම ගුවන් යානයට රටින් පිටවීමට තහනම් කරමින් යම් නියෝගයක් ලබා දී නොමැති බවද විවිධ මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම විවිධ පුද්ගලයන් සදහන් කරන්නේ එම ගුවන් යානය පිටව යාම තහනම් කිරීම සහ රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම අතර ප්‍රශ්නයක් ඇති කිරීම සදහා සිදු කල කුමන්ත්‍රණයක් බවයි.
මෙම ඉන්ධන රුසියාවෙන් ලබා ගැනීම සිදු කරන්නේ ඩුබායිහි කොරල් එනර්ජි නමැති සමාගමක් හරහාය. පසුගියදා රේඛීය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ රුසියාවෙන් ඉන්ධන ලබා ගත් නැව පැමිණි බවයි. නමුත් එම නැව ගෙන්වා ඇත්තේ පුද්ගලික සමාගමකි.