ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු නොකිරීමේ බොරුව අතේ පත්තුවෙද්දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇති වන ලෙස රුසියන් ගුවන් යානය රදවා ගැනීම පසු පස විශාල කුමන්ත්‍රණයක් තිබිය හැකි බව තතු දත්තෝ ප්‍රකාශ කරති.
ඔවුන් සදහන් කරනුයේ මෙය ඇමෙරිකන් කුමන්ත්‍රණයක් විය හැකි බවයි. එයට හේතු සාධක ගනනාවක් අප සතුව තිබේ. සම්පූර්ණ විස්තරය කෙසේ වෙතත් අපට ලැබී තිබෙන තොරතුරට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති වන උපුල ධර්මදාස මහතා ද ඇමෙරිකන් පුරවැසියෙකි.
ඔහු ඇමෙරිකාවේ ජීවත් වනුයේ අප රටේ කොළඹ 7 පුද්ගලයන් ජීවත් වන අකාරයටයි. ඔහු ඇමරිකාවට සංක්‍රමණය වන්නේ 1979 දිය. 1984 දී ඇමරිකා එක්සත් ජනපදයේ උපුල් ට්‍රැවල්ස් සේවාව ආරම්භ කරමින් එහි ව්‍යාපාරිකයෙකු බවට පත් විය . ඔහු මේ වන විටත් ඇමරිකාවේ ප්‍රමුකතම ව්‍යාපාරිකයෙකි. ඇමෙරිකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන ඔහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති බවට පත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
ඇමරිකාව සහ රුසියාව මේ වන විට පසමිතුරන් වී සිටි. ඒ යුක්රේන යුද්ධය නිසාය. රුසියන් ගුවන් ගමන් සියල්ලම තහනම් වෙද්දී ශ්‍රී ලංකාව ලිඛිතව රුසියාවට පොරොන්දී වී තිබෙන්නේ රුසියන් ගුවන් යානා සදහා ආරක්ෂාව ලබා දෙන බවටයි.
එසේම රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළද ගිවිසුමක් ඇති කරගෙන 30% ක ලාබය ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙස සිවිල් සංවිධාන විසින් රජයට බල කරමින් සිටියි. ඒ අතරතුර මෙවැනි සිද්ධියක් සිදුවීම පිටුපස යම් ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබිය නොහැකිද?
ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම උපුල් දර්මදාස යන මහත්වරුන් ඇමරිකාවේ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික ගජ මිතුරන්ය.