යුක්රේනයේ සිට ශ්රී ලංකාවට පැමිණි සංචාරකයන් 4000 ක් පමණ ශ්රී ලංකාවේ විවිධ ස්ථානවල සිටින බව සඳහන් වේ. එම ස්ථානවල සිටින යුක්රේන ජාතිකයන් සිදු කල යුතු සියලුම දේ කර දීම සදහා අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය සහ ශ්රී ලාංකික ධානපතියන් කටයුතු කරමින් සිටිති.
ධානපතියන් නොවන ශ්රී ලාංකික පුරවැසියන්ද ඔවුන්ට හැකි පමණ උදව් උපකාර කරමින් රටපුරා සිටින යුක්රේන ජාතිකයන්ට සවියක් වෙමින් සිටීම විශේෂතත්වයකි.
මේ අතර යුක්රේනය ආක්රමණය රුසියන් හමුදාවේ භටයන් 4000 කට වඩා මිය ගොස් තිබෙන බව ද විස්වාස කටයුතු ආරංචිමාර්ගවලින් අප වෙත තොරතුරු ලැබී තිබේ. එසේම රුසියන් ජනතාවගෙන් 90% ක්ම යුද්ධයක් පවතින බව නොදන්නා බවද අප හිතවත් රුසියන් මිතුරන් පවසයි. එසේම යුක්රේනයේ සිටින රුසියන් සම්භාවයක් ඇති යුක්රේන ජාතික වැඩිහිටි ගැහැණු පිරිමි තරුණ රුසියන් භටයන් අමතමින් ” යුක්රේන වැසියන් මරා නොදමන” ලෙස අවවාද කරන බවද අපගේ විදේශ තොරතුරු ජාලය සදහන් කරයි.
යුක්රේන ජාතිකයන් ලෝකයට තවත් පණිවිඩයක් ලෝකයටම මුදා හරිමින් ලබා දෙන සුවුශේෂී කටයුත්ත වන්නේ, තම රට අනතුරකට ලක් වූ විට විදේශයන් සිටින යුක්රේන වැසියන්ගේ එකමුතුවයි. සරණාගතයන්ව සිටින මිලියන් ගනනක යුක්රේන ජනතාව තමන් සිටින රටවල් වලට ගැනීම සඳහා ඔවුන් එකමුතු වෙමින් සැලසුම් සකස් කරමින් සිටින බවද අපට තොරතුරු ලැබී තිබේ.
එසේම රුසියන් හමුදා භටයන් යුද්ධයට අකමැති බවද, මිය යාමට ඔවුන්ගේ ඇති අකමැත්ත නිසාද රුසියන් යුධ භටයන්ගේ උනන්දුව අඩු වී තිබෙන බවද වාර්තා වන අතර යුක්රේන ජනතාව එකා මෙන් සිටගෙන සිටින්නේ තම රට වෙනුවෙන් බවද ඒ එකමුතුකම ගැන ලෝකයම කතා වීමට ද පටන් ගෙන ඇත.
මේ තොරතුරු අප වෙත ලබා දුන් විදේශීය මිතුරන්ට අපගේ ප්රණාමය.