රුසියානු ජනාධිපති ව්ලැදිමිර් දැනුම් දී ඇත්තේ රුසියානු හමුදා පාලනයේ පවතින යුක්රේන නැගෙනහිර කේසන් වරාය නගරය තුළ සිටින ජනතාව වහාම ඉන් ඉවත් විය යුතු බවයි.
එම ප්රදේශය යළි අත්පත් කර ගැනීම සඳහා යුක්රේන හමුදා මෙහෙයුම් දියත් කරමින් සිටින බැවින් සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බවට රුසියානු ජනපති පෙන්වා දී ඇති අතර එම ප්රදේශයේ වැසියන් 70,000ක් පමණ මේ වන විට එම ප්රදේශ අතහැර ගොස් ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් රුසියාව එම ප්රදේශයේ පදිංචිව සිටින්නන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද යුක්රේනය සඳහන් කරයි.