ෂෙප්ටර්න් ෂර්ජී නමැති 38 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බේරුවල මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙම රුසියානු ජාතිකයා සිය බිරිඳ සමග මොරගල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර එම හෝටලය ආසන්නයේ ඇති වෙරළේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජීවිතාරක්ෂකයෙකු විසින් මෙම රුසියානු ජාතිකයා රළ පහරට හසුව මුහුද දෙසට ගසාගෙන යනු දැක වහා ක්රියාත්මක වී ඔහු ගොඩ බිමට රැගෙන විත් බේරුවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ මොහොත වනවිටත් ඔහු මියගොස් සිටි බවයි සදහන් වන්නේ.
මෙම මරණය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.