රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ ජීවිත හානි 137 ක් (වීඩියෝ)

රුසියානු හමුදාව විසින් එල්ලකළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මිය ගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වී ඇත.

මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවය.

Exit mobile version