රුසියානු භටයින් චර්නොබිල් බලාගාරය අත්හරියි.

යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර කාර්ය මණ්ඩලය සදහන් කර ඇත්තේ මේ වන විට රුසියානු හමුදා භටයින් එම බලාගාරය අත්හැර ගොස් ඇති බවයි.
මේ වන විට කිසිදු පිටස්තරයෙක් බලාගාරය තුළ නොමැති බව ද යුක්‍රේනය ප්‍රකාශ කරයි.
එමෙන්ම බෙලරූස් දේශ සීමා ආසන්නයේ ඇතැම් ස්ථානවල සිටි රුසියානු හමුදා භටයින් ද මේ වන විට පසුබැස ඇති බව ද වාර්තා වේ.

Exit mobile version