රුසියානු හමුදාව විසින් නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද යොදා ගනිමින් යුක්රේනය වෙත එල්ල කරන මිසයිල ප්‍රහාර දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම ප්‍රහාර යුක්රේනයේ නිප්රෝපෙට්‍රොව්ස්ක් යන ප්‍රදේශයේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්ල වී ඇති බවත් එම මිසයිල ප්‍රහාර වැළැක්වීම සදහා යුක්රේනයේ ප්‍රතිපහාර සුදුසු මට්ටමක නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
එමෙන්ම වාර්තා වන ආකාරයට රුසියානු කුලී හේවායන්ගේ නායකයා ප්‍රකාශ කර තිබෙන්නේ එළඹෙන අප්‍රේල් මාසය වන විට නිප්රෝපෙට්‍රොව්ස්ක් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට හැකි වන බවයි.