රුසියාවේ නිළ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝවි මහතා හමුව ඇති.
එහිදී ඔවුන් දෙරට අතර පවත්නා හමුදා සහයෝගීතාවයේ බැඳීම් නව මගකට ගෙන ඒම සහ යාන්ත්‍රික හා තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව මෙන් ම අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇත.
එමෙන් ම එහිදී ශතවර්ෂ ගණනාවක සිට දෙරටේ ෙඵතිහාසික මූලයන් පිළිබඳව සහ රුසියානු රජය විසින් ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුම් කාලය තුළදී ලබාදුන් තාක්ෂණික හා යාන්ත්‍රික සහයෝගීතාවය සිහිපත් කර ඒ වෙනුවෙන් සිය කෘතඥතාවය පලකර ඇත.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම ,ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික ,ඉංජිනේරු හා තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත්වන කරුණු රැසක් පිලිබඳව ද ඔවුන් මෙහිදී අවධානය යොමුකර ඇත.
සාකච්ඡාව අවසානයේ දී රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝවි විසින් මෙරට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිලිණයක් ප්‍රධානය කර ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාපති විසින් ද රුසියානු හමුදා ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කර ඇත.
මෙම නිළ සංචාරය අතරතුරදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල වෙත ද සංචාරය කර ඇත.