රුසියානු හමුදා කියෙව් අගනුවරට ඇතුළු වෙයි

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ප්‍රදේශ කිහිපයකින් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර කියෙව් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා යුක්රේන හමුදා රථ නගරයේ යොදවා ඇති බවද වාර්තා වනවා.

යුක්රේන රජය කියෙව් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු හමුදාවන්ට එරෙහිව හැකි සෑම දෙයක්ම සිදු කරන ලෙසයි.

මේ අතර ලොව විශාලතම ගුවන් යානා වන ඇන්ටනොව් වර්ගයේ යානා ගොඩ බැස්විය හැකි යුක්‍රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පිහිටි හොස්ටෝමෙල් ගුවන් තොටුපොළේ පාලනය රුසියානු හමුදා අත්පත්කර තිබෙනවා.

මෙම ගුවන්තොටුපොළ අල්ලා ගැනීම සදහා රුසියාව විසින් යුද හෙලිකොප්ටර් යානා 200ක් පමණ යොදාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Exit mobile version