රුසියානු හමුදා යානයකට බිහිසුණු අවසානයක්.

රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු බෙල්ගොරෝඩ් ප්‍රදේශයට එම යානය කඩා වැටී ඇති බවත් එම අවස්ථාවේදී එම යානය තුළ පුද්ගලයින් 65 දෙනෙකු සිටි බවත්ය.

එම අනතුරින් යානයේ සිටි සියලුදෙනා මියයන්නට ඇතැයි සැලකෙයි.

එම යානයේ සිට ඇත්තේ, යුක්‍රේන යුද සිරකරුවන් පිරිසක් බවට බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

Exit mobile version