රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ටොන් 500 ක් බරැති අන්තර්ජාතික ගඟන මධ්‍යස්ථානය පෘථිවිය මතට කඩා වැටීමේ ලකුණු.

passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

ඉදිරි දින කිහිපය තුල අගනුවර ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමේ අරමුණින් රුසියානු හමුදා එක්රැස් කරන බවයි බි්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කාර්කිව්, චර්නිව්,සුමී සහ මරියුපොල් නගරවලද ගැටුම් පවතින අතර ඒවා වෙත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර අඛන්ඩව එල්ල වන බව සඳහන්.

මේ අතර, යුක්රේන උප අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගැටුම් පවතින නගරවලින් සිවිල්වැ සියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී වේදිකා අද විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

දින 12 ක් තිස්සේ රුසියානු හමුදා විසින් වටලා සිටින ගිණිකොණදිග මරියුපොල් වලට එල්ල වු රුසියානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 1582 දෙනෙකු මියගොස් ඇති බව නගර කවුන්සිලය මාර්ගගත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර, යුක්රේන ආක්‍රමණය නිසා බටහිර රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන් අන්තර්ජාතික ගඟන මධ්‍යස්ථානය පෘථිවිය මතට කඩා වැටීමේ අවදානමක් පවතින බවට රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොමොස් අනතුරු ඇඟවීමක් කළා.

එහි ප්‍රධානී දිමිත්‍රී රොගෝසින් කියා සිටියේ එය නිවැරදි කක්ෂයට යොමු කිරීම පාලනය කරන රුසියානු කුටීරයේ මෙහෙයුම් සම්බාධක හේතුවෙන් අඩාල විය හැකි බවයි.

මේ නිසා ටොන් 500 ක් බරැති ගඟන මධ්‍යස්ථානය සාගරයට හෝ පොලොව මතට කඩා වැටිය හැකි අතර, එය රුසියාව මත පතිත නොවන බවයි ඔහු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක්නි කුත් කරමින් කියා සිටියේ.

Exit mobile version