රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කරමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය පෝලන්තයට පතිත වී ඇත.
පෝලන්තයේ ගම්මානයකට පතිත වූ මෙම මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකුට ජීවිත අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන දේශසීමාවේ පිහිටි පෝලන්තය නේටෝ සංවිධානයට අයත් රටක් වන බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන බව එම සංවිධානය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙවැනි ප්‍රහාරයක් එල්ල නොකළ බවත් තමන් අපහසුතාවයට පත්කිරීම සඳහා හිතාමතා මෙවැනි චෝදනාවන් එල්ල කරන බවයි.
නමුත් රුසියාව මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි කියා අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ප්‍රකාශ කර තිබේ.