ඇනා ටිම්කෝ මේ අම්මගේ නමයි. දරුවා බිහි කිරීම සදහා ඇය පැය ගණනාවක් ප්‍රසව වේදනාවෙන් ඇය සිටි මහල් නිවාසය සෙලවෙමින් තිබුනේ ඇගේ උපන් නගරයට රුසියාවෙන් බෝම්බ හෙලමින් තිබුණු නිසාය. ඇනා ටිම්චෙන්කෝ බියට පත් විය. ඇය සහ ඇගේ සැමියා විදුලිය, නල ජලය හෝ වෛද්‍යවරයා නොමැතිව මහල් නිවාසය තුල සිරවී සිටියහ.
කියෙව් අගනුවරට කිලෝමීටර් 30ක් (සැතපුම් 18.5ක්) ඔබ්බෙන් පිහිටි කුඩා නගරයක් වන බුචා නගරයට යුද්ධය ආරම්භයේ සිටම නිර්දය ලෙස බෝම්බ ප්‍රහාරවලට ලක් වූ නගරයකි..
විසිඑක් හැවිරිදි ඇනා ඇගේ සැමියා සහ සහෝදරයා සමඟ මීට පෙර ඔවුන්ගේ මහල් නිවාසයේ බිම් මහලේ රැකවරණය ලබා ඇත. නමුත් විදුලිය විසන්ධි වී උණුසුම ක්‍රියා විරහිත වූ විට, පහළම මාලය අඳුරේ ගිලී ගිය අතර එය දැඩි සීතලක් විය.
ඇනාගේ ස්වාමිපුරුෂයා වන Volodymyr බුචා හි රැඳී සිටීම හෝ පලා යාමට උත්සාහ කිරීම පිළිබදව දෙලොවක තනි විය. අවසානයේදී ඔවුන් මෝටර් රථයකින් පැන යාමට තීරණය කර මහල් නිවාසයහැර ගියේය. මෝටර් රථයකින් ඉදිරියට යන ඔවුන්ගේ ඉදිරියට රුසියානු හමුදා වාහන තීරුවක් පැමිණෙන බව දැනගත් විට ඔවුන් ගිය රථය ආපසු හැරවීමට සිදු විය.
“අපි පසුව මහල් නිවාසයේ රැඳී සිටීමට තීරණය කළා,” ඇනා පැවසීය. “මම ප්‍රිය කළේ නිවසේ දී දරු ප්‍රසූතියට මිස දූවිලි සහිත බිම් මහලක නොවේ. මට හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා, මගේ පෙනහළු රිදෙනවා.”
මාර්තු 7 වන දින ප්‍රසව වේදනාවට පත් වූ විට, ඇය උපකාර සඳහා අසල්වැසියන් ඇමතුවාය. ඔවුන් පැමිණීමට එකඟ වූ නමුත් ඔවුන් කිසිවෙකුට ළදරුවන් බිහි කිරීමේ අත්දැකීමක් නොතිබුණි.
ඇනාගේ අසල්වැසි 49 හැවිරිදි Viktoria Zabrodskaya පැවසුවේ යම් දෙයක් වැරදී ගියහොත් ඔවුන් කුමක් කළ යුතු දැයි නොදන්නා බවයි.
ඔවුන් කාමරය ඉටිපන්දම් වලින් ආලෝකමත් කර ඇති අතර ජලය තිබු එකම බෝතලය සිසිල් වී තිබුණි.
2022 ජනවාරි 2022 යුද්ධය ආරම්භ වීමට පෙර ඡායාරූප ගත් ගැබිනි ඇනා
“මම කවදාවත් හිතුවේ නැහැ, එවැනි භයානක තත්වයන් යටතේ දරුවා උපත ලැබෙයි කියලා,” ඇනා පවසයි. “ඒක හරි පුදුම එකක්. ඒක මගේ පළමු දරුවා නිසා මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.” ඇය පවසයි.
බලාපොරොත්තු සුන් වූ ඇනාගේ අසල්වැසියන් වෛද්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් දුරකථන සංඥා දුර්වල විය. අවසානයේ ඔවුන් බැල්කනියේ සිට සංඥාවක් ලබා ගැනීමෙන් පසු බුචාහි නාරිවේද වෛද්‍යවරයෙකු සමඟ සම්බන්ධ වීමට හැකි විය. ඔහු පැමිණීමට එකඟ වූ නමුත් පෙනී සිටියේ නැත.
එදිනම පසුව, ඔහු සමාව අයැදීමක් සමඟ පණිවිඩයක් යැවූ අතර, ඔහුගේ දුරකථනය බිඳ දැමූ රුසියානු මුර සංචාරයක් විසින් ඔහුව නතර කළ බව පැහැදිලි කළේය.
මේ තත්වය යටතේ ඇනාගේ අසල්වැසියන් විසින්ම දරුවා බිහි කිරීමට කටයුතු සිදු වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් (වික්ටෝරියා) කිසියම් වෛද්‍ය විශේෂඥතාවයක් තිබුණි.
“දරුවාගේ හිස එළියට එන විට අපි බය වුණා,” වික්ටෝරියා පවසයි. “ඇය නිල් පාටයි, අපි කුමක් කළ යුතු දැයි දැන සිටියේ නැත. එවිට ඉරීනා මෘදු ලෙස දරුවාගේ හිස හරවා ඇය පිටතට පැමිණියාය. ඇය මුලින්ම ඇඬුවේ නැත – අපි ඇයට පහර දෙන්නට පටන් ගත්තා, පසුව ඇය ඇඬුවා, අපි හැමෝම ඔල්වරසන් දුන්නා.”
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 8 වැනි දින උපත ලැබූ අලිසා බිළිඳා වෙනුවෙන් සැමියා වොලොඩිමියර් කඳුළු සලමින් කඳුළු සැලුවාය.
දින දෙකකට පසුව, බුචා යුක්රේන රජය සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එකඟ වූ ඉවත් කිරීමේ කොරිඩෝවෙන් ඉවත් වනවාද නැද්ද යන්න තීරණයක් ගත නොහැකිව සිට අවසානයේදී ඇය සහ ඇගේ සැමියා තම අලුත උපන් දරුවා සමඟ පිටත්ව යාමට තීරණය කළාය. මාර්ගය ආරක්ෂිතද යන්න විමසීමට ඔවුන් විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර, ඔවුන්ගේ දුරකථනවලට සිතියම් බාගත කර ගත්හ.
බුචා වෙතින් පලා යමින් සිටි ඇනා සහ වොලොඩිමිර් රුසියානු පහර දීම් නිසා ඇති වූ විනාශය දුටුවේය.
ඊළඟ දවසේ, කාර් 21 ක් කියෙව් දෙසට නගරයෙන් පිටත් විය. ඇනාගේ දරුවා ප්‍රසූත කිරීමට උදව් කළ වික්ටෝරියා, රථ පෙළේ ඉදිරිපසින්, ඇගේ මෝටර් රථයේ සවි කර ඇති මොප් එක වටා සුදු කොඩියක් ඔතා “ළමයින්” යනුවෙන් සඳහන් පුවරුවක් සදහන් කරමින් ධාවනය කළාය.
“මාර්ගයේදී අපි බිහිසුණු දර්ශන දුටුවෙමු,” ඇනා පවසයි. “මම කවදාවත් හිතුවේ නැහැ මම සැබෑ ජීවිතයේ එවැනි දේ දකිනු ඇතැයි -මම ඒවා මීට පෙර දැක තිබුනේ චිත්‍රපටවල පමණයි. මළ සිරුරු පාරේ වැටී නිවාස විනාශ වී තිබුණි. රුසියානු යුධ ටැංකි පාරට බැරල් දමා වාහන ගමන් කිරීම් නවතා තිබුනා. ඔවුන්ට අපි අසු වේ යයි බියෙන් සිටියෙමු.
පැය කිහිපයකට පසු, ඉවත් කළ අය ආරක්ෂිතව සියලුම රුසියානු මුරපොලවල් පසුකර කියෙව් වෙත පැමිණ ඇත – එතැන් සිට ඔවුන් වෙනම මාර්ගවලට ගියහ.
“අපි එළියට ගියාම මට හිනාව නවත්තගන්න බැරි වුණා,” ඇනා පවසයි. “අපි පලා යාමට සමත් වූ බව මට විශ්වාස කළ නොහැකි විය.”
ඇනා මාතෘත්වය භුක්ති විඳින අතර ඇගේ දෙමාපියන් ඔවුන්ගේ නව මිණිබිරියට හඳුන්වා දීමට බලා සිටී. නමුත් ඇගේ නෑදෑයන් බොහෝ දෙනෙක් මේ වන විට රට හැර ගොස් ඇති අතර, ඇයට සහ ඇගේ සැමියාට පිටව යා නොහැක – ඇනා පවසන්නේ තමාට තවමත් සම්පූර්ණ ආරක්ෂාවක් නොමැති බවයි.
“මගේ සියලු සිතුවිලි [බුචාහි] සහ රටේ සෙසු ප්‍රදේශවල සිදුවෙමින් පවතින දේ සමඟයි,” ඇය පවසයි. “එය ඇදහිය නොහැකි දෙයක් නමුත් අපට ඉක්මනින් ආපසු නිවසට පැමිණිය හැකි යැයි අපි බලාපොරොත්තු වෙමු.”
ඡායාරූප ඇනා ටිම්චෙන්කෝගේ අනුග්රහයෙනි. පුවත BBC පුවත් සේවයෙනි