රුසියාවේ යුක්රේන ආක්රමණයේ සැලසුම වී තිබුනේ දින 6 ක් ඇතුලත යුක්රේනය අල්ලා ගැනීමටයි. නමුත් මේ වන විට මසක් පමණ ගත වි තිබුනත් පැහැදිලි ජයග්‍රහණයක් හෝ යම් නගරයක් අත් පත් කරගැනීමට රුසියාව සමත් වී නැත.
අද (22) ගිනිකොනදිග ලුහාන්ස්ක් කලාපයේ ලිසිචෑන්ස්ක් නගරයේ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් දෙදෙනෙකු මිය ගොස් සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලැබූ බව ප්‍රාදේශීය නිලධාරියෙකු අ ල් ජශීරා වෙත පැවසීය.
ඒ අතර ෂෙල් වෙඩි ප්‍රහාරවලින් විනාශ වූ නිවාසවල සුන්බුන් අතරින් පුද්ගලයින් අට දෙනෙකු බේරා ගත් බව ලුහාන්ස්ක් ප්‍රදේශයේ ප්‍රධානී Serhiy Hayday තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.
ළමා රෝහලකට එල්ල කල ෂෙල් ප්‍රහාරයෙන් පසු රුසියන් හමුදා එම ගොඩනැගිල්ලට වෙඩි තබා තිබේ. නමුත් ඒ වන විට එහි සිටි ළමුන් මෙන්ම රෝගීන් සහ කාර්යමණ්ඩලය ඉවත් කර තිබේ.
ඒ රුසියාව ක්‍රමටෝර්ස්ක් ප්‍රදේශයට තහනම් පොස්පරස් බෝම්බ භාවිතා කළ බවට යුක්රේනය චෝදනා කරයි. ක්‍රමටෝර්ස්ක් නගරය පිහිටා ඇත්තේ යුක්රේනයේ ගිනිකොන දෙසට වන්නට නමුත් මේ වන විට එම ප්‍රදේශය රුසියන් හමුදාව විසින් වටලා තිබේ.
විශාල ප්‍රදේශයක පැතිර යන ලැව්ගිනි ඇති කළ හැකි පොස්පරස් බෝම්බ භාවිතා කරන බවට යුක්රේන නිලධාරීන් මොස්කව් වෙත නැවත නැවතත් චෝදනා කර ඇත.
1977 ජිනීවා සම්මුතියට අනුව ගැටුම් වලදී සුදු පොස්පරස් බෝම්බ භාවිතය තහනම් කළේය. ඒ අතර යුක්රේනයේ විශාල ප්‍රදේශයක පුපුරන ද්‍රව්‍ය අඩංගු වන බව බව සදහන් වේ.
යුක්රේනයේ යුද්ධය වාර්තා කළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව විරෝධතා පවත් වූ ලන්ඩනයේ විරෝධතාකරුවන් රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්රේන ධජයේ වර්ණ වලින් විදුලි බුබුළු දල්වා තිබේ.
යුක්රේනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටි කියෙව් නගරයෙන් පිටත නගරයක් වන බොරිස්පිල් නගරයේ නගරාධිපති, එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස එහි සිටින සිවිල් වැසියන්ගෙන් ඉල්ලා ඇත.
ඔහු පැවසුවේ පැවසුවේ සිවිල් වැසියන් පිටත්ව යාම යුක්රේන හමුදාවන්ට එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වීම පහසු වනු ඇති බවත්, දැනට පවතින සතුරුකම් සැලකිල්ලට ගනිමින් යුක්රේන හමුදාවන්ට ක්‍රියාත්මක වීමට පහසු වනු ඇති බවත්ය.
මේ අතර යුක්රේනයේ සෑම ප්‍රදේශයකම ගුවන් ප්‍රහාර සයිරන් නාද වෙමින් තිබේ.
යුක්රේනයේ නේවාසික ගොඩනැගිලි 4,431 ක් යුද්ධයෙන් විනාශ වී හානි වී තිබේ. NEXTA රූපවාහිනියට අනුව, රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පෙබරවාරි 24 දා සිට යුක්රේනයේ හදිසි සේවා මගින් අවම වශයෙන් රටේ නේවාසික ගොඩනැගිලි 651 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. නිවාස 3,780කට පමණ හානි සිදුව ඇති බව එම සේවය උපුටා දක්වමින් රූපවාහිනී ආයතනය ප්‍රකාශ කළේය.
ඒ අතර කියෙව්හි උප නගරයක් වන Makariv නගරයේ රැදී සිටි රුසියානු හමුදා, දරුණු සටනකින් පසු එම නගරයෙන් ඉවත් කල බව යුක්රේන හමුදාව පවසයි.