අද (01) උදැසන මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොළඹ කොටුව සහ මරදාන අතර පීලිපැනීමකට ලක් වී තිබේ.
ඒ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර ඇත්තේ හැකි ඉක්මනින් දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.