රුහුණු විශ්වවිද්‍යාලයේ වධකාගාරයක්.(වීඩියෝ)

රුහුණු විශ්ව විද්‍යාලය පිළිබදව අප වෙත එවා තිබෙන ලිපියක්, අදාළ බලධාරීන්ගේ අවදානය පිණිස ඒ අකාරයෙන්ම මෙහි පහත පළ කර තිබේ. හරි වැරදි සොයා බලා නිසි ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම වේ.

” රුහුනු තාක්ෂණ පීඨයේ උප-ශාලාධිපති විසින් පිරිමි නේවාසිකාගාරය තුළ පවත්වාගෙන යන වදකාගාරය.

රුහුණ තාක්ෂණ පීඨයේ උප ශාලාධිපති ලෙස කටයුතු කරන කුසල් ගුණවර්ධන නම් පුද්ගලයා විසින් ඊයේ රාත්‍රියේදී විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය සමග පොලු මුගුරු හා තියුණු ආයුධ සමග නේවාසිකාගාරයට කඩා වැදී ශිෂයකුට පහර දීමත් සමග තාක්ෂණ පීඨයේ සිසුන් විසින් ඊයේ රාත්‍රියේදී උප-ශාලාධිපතිවරයා සමග ගැටුම්කාරී තත්වයක් උත්ගතවිය. උප-ශාලාධිපතිවරයා එම අවස්ථාවේදී ද බීමතින් සිට ඇත.

මෙය උප-ශාලාධිපති මැරයා විසින් ඔහුගේ නින්දිත හැසිරීම පෙන්නුම් කළ පළමු අවස්ථාව නොවන අතර, මොහු විසින් පෙර අවස්ථාවලදීද බීමතින් කඩු වැනි තියුණු ආයුධ රැගෙන නේවාසිකාගාරයට පැමිණ සිසුන්ට කුණුහරුප කියමින් ඉතා පහත් අයුරින් බැන වදිමින් තර්ජන සිදු කර ඇත. එවැනි දර්ශනපට කීපයක්ම මේ වන විටත් අප විසින් සමාජ මාධ්‍ය වලට මුදා හැර ඇති අතර, තවත් එවැනි දර්ශන සහ හඩපට අප සතුව පවතී. නමුත් ප්‍රධාන රූපවාහිනී නාලිකා තුළ මේ කිසිවක් නොපෙන්වා වෙනම ව්‍යාජ පුවතක් නිර්මාණය ක‍රමින් සිටියි.

මෙම උප-ශාලාදිපතිවරයා, විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනයේ ලේකම් කථිකාචාර්‍ය රොහාන් ලක්සිරි මහතා ඝාතනයට තැත්කිරීම සම්බන්ධව චෝදනා ලබා ඇති උන්මත්තක කුලපති සුජීව අමරසේනගේ අතකොලුවක් ලෙස පත්වීම් ලබා ඇත. සුජීව අමරසේන විසින් මෙම උප ශාලාදිපතිවරයා යොදාගනිමින් මැර බලය පෙන්වමින් සිසුන් මර්දනය කිරීමේ කූට ක්‍රියාවලියක නිරතවෙමින් සිටී.

එහි එක් කොටසක් ලෙසින් මේ වන විට රූපවාහිනී මාධ්‍ය හරහා බොරු චිත්‍රයක් මවාපාමින් සිසුන් විසින් හේතුවක් නොමැතිව උප-ශාලාධිපතිවරයාට පහරදුන් බවට කියමින්, මෙම කුලපතිවරයා ඇතුලු උන්මත්තකයින් පිරිස ව්‍යාජ තොරතුරක් රූපවාහිනී මාධ්‍ය හරහා සමාජගත කරමින් පවතී. මින් පෙරද එවැනි නින්දිත ව්‍යාජ චෝදනා එල්ල කරමින් කිහිපවරක්ම ශිෂ්‍ය මර්දනයේ යෙදුන බව ඔබ අප සැවොම දන්නා කරුණකි. නමුත් ඒ සැම චෝදනාවක්ම නීතිය හමුවේ අසත්‍ය බව ඔප්පු වී හමාරය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශිෂ්‍ය නේවාසිකාගරයකට බීමතින් කඩා වැදී අසභ්‍ය වචනයෙන් සිසුන්ට බැන වැදී සිසුන්ට පහර දෙන තෙක් රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය නිහඩව සිටින්නේ මන්ද? එසේ ශිෂ්‍යයින්ට පහර දෙමින් සාමාන්‍ය මානව හිමිකම් පවා ඉතා නින්දිත අයුරින් උලංඝනය වන වපසරියකදී පවා පරිපාලනය විසින් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමර්ගයක් මේ වන විටත් ගෙන නොමැත. ඒ වෙනුවට ඔවුන් විසින් සිදු කර ඇත්තේ කිසිදු පැහැදිලි සාක්ශියකින් තොරව සිසුන් හට වරද පටවමින් මෙම උන්මත්තක උප ශාලාධිපතිවරයා සුරැකීමට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමයි. මොවුන් මේ පවත්වාගෙන යන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයක්ද? එසේත් නැතිනම් වදකාගාරයක්ද?

මෙසේ සිසුන්ට සිදුවන මානසික හා කායික හිරිහැරයන් පිලිබදව වගකීම් දරන්නේ කවුරුන්ද?” යන්න ලෙස එම ලිපියේ සදහන් වේ.

Exit mobile version