ස්වාධීන කොමිෂන් සභාවට නව සාමාජිකයින්.

එළඹෙන සතිය තුළදී ස්වාධීන කොමිෂන් සභාව සදහා නව සාමාජිකයින් පත් කිරීමේ කටයුතු සිදු කරන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සදහා අයදුම්පත් 1600 ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒ අතරින් මූලික සුදුසුකම් සහිත අයගේ ලේඛනයක් සකස් කිරීමෙන් පසුව කොමිෂන් සභා සාමාජිකයින් තොරාපත් කර ගැනීම සිදු වන බව කියයි.

වාර්තා වන ආකාරයට මේ වන විට අයදුම්පත් කැදවා අවසන් අතර මේ වන විට ඒව විශ්ලේෂණය කරමින් පවතින බව සදහන් කරයි.

නව සාමාජිකයින් පත් කිරීම සදහා මූලික වටයේ සාකච්ඡාවක් මෙම සතියේදි පැවැත්වීමට නියමිත බව සදහන් කරයි .

Exit mobile version