රූපලාවන්‍ය ගබඩාවක් වටලයි.

රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගවල බෙහෙත් කාණ්ඩ රාශියක බෙහෙත් ගබඩාවක් පාරිභෝගික අධිකාරිය මගින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා ඇති බව වාර්තාවේ.

වසර හතරක පමණ කාලයක සිට විවිධ නම් වලන් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම බෙහෙත් ද්‍රව්‍ය අලවි කොට ඇති බව වාර්තා වන අතර  එසේ අලවිකරණ ලද ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා කිහිපයක්ද හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ ස්ටිකර් භාවිතා කරමින් විවිධ රටවල නිෂ්පාදන බවට ලේබල් අලවමින් කුරියර් වෙළදාම ඔස්සේ ප්‍රධාන වශයෙන් ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version