දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී තිබෙන බව වාර්තා වේ.
එම පුවතට අනුව, සභාපති ධුරයේ සිටියදී ඖෂධ අනායනය කිරීමේදී සිදු කළා යැයි පැවසෙන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංසදය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. එහිදී රුසියානු පිළිකා ඖෂධයක් අනායනය කිරීමේදී රුපියල් කෝටි 1200ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබෙන බවද කිය වේ.
තවද මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු සභාපතාවරයා රට යෑමේ සූදනමක් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එකල පැමිණිල්ලක් ලැබී බවද එහි සදහන්ය..
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සිටියදී සුදු වෑන් මගින් ජනතාව පැහැරගෙන යෑමේ සිද්ධි පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩුවක් විභාග වෙයි. මෙවැනි නඩුහබ ඇති පුද්ගලයකු කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර ඇත්තේ කිසිවෙකුගේ නිර්දේශයක් නොමැති බවටද චෝදනා එල්ලව තිබෙන බවද සදහන් වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අන්දවා ඔහුද අමාරුවේ දැමීමට මෙම පුද්ගලයා කටයුතු කරනු ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ. තවද ඔහු මැතිවරණයකදී මෙම පුද්ගලයා ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමේ බලාපොරොත්තුවක් ඇති බැවින් එය නතර කරන ලෙසද මන්ත්‍රීවරු විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඉහත පුවත අප වෙත ලැබුණු පසු අප ඒ පිලිබදව ආචාර්ය රූමි මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඔහු දැක්වූයේ මෙවැනි ප්රතිචාරයකි.
“මේ සියල්ලම ඉරිසියාවට කියන කතා. මට මේවාට පිළිතුරු දීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් මගේ පත්වීම නිසා බොහෝ දෙනෙකුගේ හිත රිදිලා තියෙනවා. මගේ පත්වීමෙන් පසුව මේ ආකාරයෙන් චෝදනා කරන්නේ සැබෑම දූෂිතයන්. මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කවුද කියලා මම මේ වෙද්දීත් අඳුනගෙන ඉවරයි. මගේ පත්වීම නිසා කිහිපදෙනෙකුට අවශ්‍ය දේවල් කරගන්න බැරිවෙලා තියෙනවා. කොහොම උනත් මට විරුද්දව තවත් ගහන්න පුළුවන් උපරිම ගහයි. ඕනි කෙනෙක් ඕනි දෙයක් කියා ගත්තාවේ. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබලා උනත් මේවා ලියන්න කලින් හොයල බලල ලියන්න දැනගන්න ඕනි. අනුන්ගේ තරහ, ඉරිසියාවල්, කුහකකම් පිරිමහා ගන්න අවශ්‍ය ආකාරයට කටයුතු කරන එක වැරදි. මට විරුද්ධව තව ඉදිරියටත් ලියයි. ඒත් මන් ඕවට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට පවරලා තියෙන රාජකාරිය මන් නිහඬව ඉටුකරනවා. මේ ටිකත් මන් කීවේ ඔබලා මට කතාකරලා අහපු නිසා. ඔයාලටත් අවශ්‍ය නම් මට විරුද්ධව ඕනි දෙයක් ලියන්න. මේවා කරන්නේ කවුද කියලා මන් අඳුරගෙන ඉවරයි. මේ පුවත ඔබ පලකිරීමට පෙර පලකරලා තිබුනා. මට චෝදනා කරන හැමෝම පිරිසුදු අය නොවෙයි. මම කාටවත් දොස් කියන්න යන්නෙත් නෑ. කාටවත් බනින්න යන්නෙත් නෑ. ” ලෙස ඔහු ප්‍රකාශ කරන ලදී.