පාකිස්ථානයේ සිට මෙරටට ගෙන්වන ලද සැකසහිත බහලුම් 02ක් රේගු නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.
අදාළ බහලුම් ගෙන්වා ඇත්තේ වත්තල ප්‍රදේශයේ සමාගමක් විසින් වන අතර ඔවුන් සඳහන් කර ඇත්තේ එම බහාලුම් තුළ ඉන්දියාවේ සමාගමකින් ආනයනය කළ අර්තාපල් කිලෝග්‍රෑම් 53,000ක් එහි අඩංගු බවයි.
කෙසේ නමුත් රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවෙන් එහි තිබී සොයාගෙන ඇත්තේ මෙරටට ආනයනය සීමා කළ බීට්රූට් කිලෝගෑම් 16,000කි.
රේගු නිලධාරීන් සඳහන් කළේ මිලියන 03කට අධික වටිනාකමකින් යුක්ත එම බීට්රූට් තොග රාජසන්තක කර ආනයනකරුට දඩ මුදලක් ද පනවන බවයි.