රෝගීන් රැසකට සංකූලතා ඇති කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ පිලිබඳ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂවරයාගෙන් වෙන වෙනම ප්‍රකාශ සටහන් කරගත් බවයි.
වාර්තා වන ආකාරයට ආන්දෝලනයකට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය මෙරටට ආනයනය කළ බව කියූ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණු බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුවද, ඒවා මෙරටදී නිෂ්පාදනය කර ඇති බවයි.
තවදුරටත් වාර්තා වන ආකාරයට ඉකුත් සෙනසුරාදා ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත් පැය 4කට ආසන්න කාලයක් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව තොරතුරු වාර්තා වෙයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.