රෝගී කාන්තාව 8 මහලෙන් පැන මිය යයි

මිගමුව රෝහලේ උදරාබාධයක් හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි කාන්තාවක් එහි 8 වන මහලෙන් පැන මිය ගොස් ඇති බව වාර්තා වේ.

සිද්දියෙන් මිය ගිය කාන්තාව එම ගොඩනැගිල්ලේ 8 මහලේ ජනේලයකින් පැනීමෙන්  කොන්ක්‍රීට් බිමකට වැටී මිය ගොස් ඇති අතර ඇය 55 හැවිරිදි මිගමුව අලුත්වත්ත  ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.

මිගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version