ශ්‍රී ලංකාවේ රිජ්වේ ආර්යා ළමා රෝහල මේ වන විට කොවිඩ් ආසාධිත දරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර කොවිඩ් ආසාධිත දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට රාජගිරිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් ද කුලියට ගෙන තිබේ.
මුල් කාලයේදී දිනකට ළමුන් 5-6 දක්වා රෝහල් ගත කලද, මේ වන විට සමහර දින වලට ළමුන් 15-20 දක්වා ඇතුලත් කරන බවද වාර්තා වේ. වසංගතයේ තුන්වන රැල්ල තුල දරුවන් 500 ක් පමණද මව්වරුන් 350 කට වඩා වැඩි ප්‍රමාණයක්ද ප්‍රතිකාර ලබාගෙන තිබෙන අතර පසු ගිය සදුදා වන විට දැඩි සත්කාර ඒකකයේ ඇදන් 06 ම පිරී තිබුණු අතර දැඩි අසාධ්‍ය තත්වයේ සිටින දරුවන් වැඩි වී නැති බවද වාර්තා විය.
කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාධිතයන්ගේ අඩු වීමක් දක්නට නොමැති අතර ඊයේ (06) රාත්‍රී 10.00 වන විට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් රෝගීන් 324,223 රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නන් 31,095 ක් ද , එදින වාර්තා වූ නව රෝගීන් ප්‍රමාණය 2,794 ක් ද වූ අතර සමස්ත ප්‍රමාණයෙන් 288,307 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සමස්ත මරණ ප්‍රමාණය 4,919 ලෙස සදහන් විය.