අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර්හි මනෝ චිකිත්සක රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ, සන්නද්ධ සැකකරුවෙකු රෝහල තුළ දී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තබා ප්රහාරකයා ඝාතනය කර ඇති බවයි.
අදාළ පුද්ගලයා මෙම ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ රෝහලේ රෝගින් 185ක් පමණ නේවාසික ව ප්රතිකාර ගනිමින් සිට ඇති බවත් වාර්තා වේ.