රෝහල්වලට සූර්ය බලශක්තිය දෙන්න ජපානයෙන් ආධාර .

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපානයෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර තිබේ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම ,සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Exit mobile version