රෝහල් කාර්‍යමණ්ඩලයට දෝෂාරෝපනය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර.

ප්‍රතිකාර සදහා මීගමුව රෝහල වෙත ගෙන ආ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සදහා ප්‍රමාද වූ බැවින් පුද්ගලයින් තිදෙනෙකු විසින් රෝහලේ වෛද්‍යවරයෙකුට සහ පොලිස් නිලධාරියෙකුට මෙන්ම කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකුට දෝෂාරෝපනය කරමින් තර්ජනය කිරීම හේතුවෙන් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බව වාර්තා වේ.

මෙම සැකකරුවන් තිදෙනා රෝහලේ ලක්ෂ 2ක් පමණ වටින දේපලවලට අලාභ හානි සිදු කර ඇති අතර ලබන 28 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ . මෙම සැකකරුවන් දාගොන්න , කටුවැල්ලේගම ප්‍රදේශවල ප්දිංචිකරුවන් බව කියයි.

Exit mobile version