ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල වෙත ඉන්ධන ඇතුළු සැපයුම් නතර වීම හේතුවෙන් මේ වන විට රෝගීන් 24 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අතර, නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා බිළිඳුන් තිදෙනෙකු ද වන බවත් රෝහල් බලධාරීහු පවසා තිබේ.
වාර්තා වන ආකාරයට හමාස් සංවිධානය විසින් සිය මධ්‍යස්ථානයක් අදාළ රෝහලේ පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් ඊශ්‍රායල හමුදා විසින් එම රෝහල් පරිශ්‍රයට පසුගිය දා ඇතුළු වූ අතර, මේ වන විට අඛණ්ඩ ව තෙවැනි දිනටත් ඔවුන් එහි සෝදිසි මෙහෙයුම් සිදු කරන බව අනාවරණය වේ.